අනුරාධපුර, පොලොන්නරුව ප්‍රදේශ වියලි කලාපීය වශයෙන් ‍ෙඑතිහාසික නගර වේ. මෙම නගර වල පුරවැසියන්ගේ එම ඓතිහාසිකතවායන් සමග වන සම්බන්ධතාවය එතරම් හොද එකක් නොවේ. නමුත් ඒ ගැන ඔවුන් බොහෝ දේ කියවති. එහි හමිකාරිත්වය ගැනීමට ද උත්සාහ කරති. නමුත් ගැටළුව වන්නේ මෙම දිස්ත්‍රික දෙකම වර්තමානයේ කිසි විටෙකත් “පැරණි දිස්ත්‍රික්ක නොවීමයි” අනුරාධපුර සහ පොලොන්නරුව යනු ලංකාවේ අතිශය අලුත්, නොදියුණු, දිස්ත්‍රික්කයන්ය. නමුත් හැම විටම පාහේ මාධ්‍ය හා අනෙකුත් දේ මගින් හුවා දැක්වෙන්නේ මේවා අතිශය ඓතිහාසික දිස්ත්‍රික්ක බවයි.