ගරුත්වයක් යනුවෙන් අදහස් කරන්නේ යම් පිරිසක් අතර වන පිලිගැනීමයි. ලංකාවේ බොහෝ විට මේ පිලිගැනීම නිර්මානය කරගනු ලබන්නේ වැඩවසම් උපක්‍රම භාවිතා කරමිනි. අතීතයේදී සැබෑවටම ලබාගත් මෙම තත්වයන් මේ වනි විට විකාර ලෙස වෙනස්ව ඇත. ඇදුම් මගින් මෙය ලබාගැනීම එක්තරා ආකාරයකි. එවිට මිනිසුන් අවනතභාවය දක්වන්නේ ඇදුමටය. වයස ද මෙයට ම භාවිතා කරනු ලබන එක්තරා ක්‍රමයකි. කිසිවෙක් ගණන් ගන්නේ නැති පුද්ගලයෙක් වයස අවුරුදු 35 පමන වන විට එන “බඩෙන්” සහ “තට්ටයෙන්” වැදගතුන් බවට පත්වේ. මෙය ලංකාවේ ස්වභාවයයි. මේ නිසාම ඕනෑම කෙනෙකුට මෙසේ වීමට ඉඩකඩ ලැබේ. මෙම ඉඩකඩ නිසා කිසි විටෙකත් නිධ්පාදනයේ හෝ නිර්මානයේ මිනිසුන්ට අදාල වටිනාකම් සමාජයව ිසින් ලබා දෙන්නේ නැත.
Comments
Leave a comment Trackback