උතුර හා දකුණ වශයෙන් නිශ්චිතවම ලංකාව දෙකකි. මෙය එකක්ව පැවති අවස්තාවන් ද තිබූ බව ඉතිහාසය ප්‍රකාශ කරයි. නමුත් යටත්විජිත සමයෙන් පසු ලංකාවේ පාලකයින් මෙය බාර ගන්නා විට ද මෙය දෙකකි. එය වැලැක්වීම සදහා වන විදයාත්මක පියවරයන් නොගැනීම නිසා එම දෙක බවට පත්වීමේ තත්වය යුද්ධයක් දක්වා ඉදිරියට ඇදුනි.
ලංකාව දෙකක් නම් එම දෙකට අදාලව පවතින සීමාවන් වියලි කලාපීය දිස්ත්‍රික්ක වශයෙන් තවමත් නොදියුණුව ඇත. මේවා පැලැස්තරවාදී ලෙස ජනපදකරනය කරන ලද අම්පාර, පොලොන්නරුව, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කයන්ය. නමුත් මේ පැලැස්තරවාදිත්වය තුල උතුරු දකණු එකගතාවයන් ඓන්ද්‍රියව සිදු වුයේ නැත.
Comments
Leave a comment Trackback