ආර්තික ඒකකයක් විදියට පවුල ගත්තහම එහි හිමිකම සම්පූර්ණයෙන්ම වෙළදපල විසින් අත් කරගෙන ඉවරයි. පවුල තුල දමා ආරක්ෂා කරන දේ මොකක්ද? මෙය වෙළදපලෙහිම කොටසක්. එහි පවත්වාගෙන යාම සදහා වන සාධාරණම විදියක්. පවුල ගොඩනැගෙන්නේ තම ආර්ථික හා ස්වකීය දේවල් ආරක්ෂා කරගැනීම සදහා වන බිය හා අවහ්‍යතාවය නිසා. ඒ නිසා පවුල කියන්නේ බියෙන් උපන් දෙයක්.. මෙය කාන්තාවන් පැත්තෙන් ගත් විට බැලූ බැල්මට සාදාරණව පෙනෙන දෙයක්. නමුත් පවුල් කියන්නෙ හුදෙක් මිනිසුන්ව ගැහණුන්ව හිරකර තබන මෙවලමක්. බිය තුල හිරකරගත් රාමු තුල ගොඩනැගෙන සිරගෙයක්.. නමුත් සංස්කරණය කර ගන්නා ලද අවශ්‍යතා සහ සීමාවන් නිසා එහි සුව විදීම ගැන අති බහුතරයක් එකග වෙලා… නමුත් ඒ අවිඥානික එකගතාවය හදා ඇත්‍තේ එය විසින්ම ද යන්න තවත් ලෙසකින් සලකා බැලිය යුතු තත්වයකි.
මිනිසා ජීවත්විමට කැමති (ගැහනිය ද මෙයට අයත්ය) පවුල තුල ද සමාජය තුල ද යන්න සංකිර්න කරන ලද ගැටළුවකි. මිනිසුන් පවුල (අවසානයේ න්‍යෂ්ඨික පවුල) තුලට ම සීමා කරන ලද අතිවිශාල ව්‍යාපෘතියක් තිබේ. මේ ව්‍යපෘතියට නියම් ව හා අනියම්ව සහයෝගය දෙන අතිවිශාල පද්ධති හා ආයතන ගනනක් ඇත. මේ පද්ධති හා ආයතන බාහිර කාරනා ලෙස සැලකුවහොත්… අනෙක් අතට අභ්‍යන්තර කාරණා කොතරම් දහස් ගණනක් ඇත්ද….
පවුල තුල බේරා ගැනීමට අදහස් කරන පිරිමි කාරනය ගැහණිය නැමති භාණ්ඩයයි. පිරිමි අදහස එක් ගැහනියක් වෙනුවෙන් පරිනාමය වූ කතාව වෙනම තබා… එසේ වීමට හේතුව සොයා බලමු. (වඩා ප්‍රබල පවුල තුල ගැහණිය බේරා ගන්න හදන දෙයයි. එයද කතා කරමු. ) මේ ධනේෂ්වර ක්‍රමය තුල ජීවිතය අහිමි කරන (සමස්ථ ජීවිතයම වෙළදපල තුල අලෙවිකරනය සදහා තබා ඇත.)ලද පිරිමියාට ජිවිතයෙහි යම් සුන්දර නිමේෂයන් ලබා දෙන භාණ්ඩය බවට වෙළදපල විසින් පත්කර ඇත්තේ ගැහනියයි. (මේ වෙලදපල තර්කනයෙන් එහා ජීවිතය දකින අයට ජීවිතයේ ඇති එකම රමණීය බව ගැහනිය නොවේ.)
පිරිමියා අභිප්‍රේරනයට පත්වීම සදහා වෙළදපල විසින් හදා ඇති කූඩුවේ කැරට් අලය ලෙස ගැහනිය සිටි. මෙම කැරට් අලය අල්ලනවාට ඇයට පිරිමියා විසින්ම උපයන ධනය හා අනෙක් දේවල් විසින් පැවත්මක් කියා දෙයක් ගැහනිය ද ලබයි. මේ රූකඩ දෙක සිටින තැන න්‍යෂ්ඨික පවුලයි.
මෙය සාධාරණීකරනය කිරිම සදහා වන පෙර කියන ලද ලක්ස ගණනක් හේතු සහ ආයතන ඇත. නමුත් මේ ආයතන සියල්ල (සංස්කෘතිය , ආගම් , සම්ප්‍රදායන් ) පවා වෙලදපලකරනය වී ඇති මොහොතක පවුලක ඇති අවුල ගැන කතා කිරිම අවශ්‍ය වන්නේ නැත.
නමුත් එහි තනි පුද්ගලමය විදියට ලැබෙන ඉස්පාසුව (ඊ ළග ක්ෂණයෙහි අපහසුව) නිසා මෙවැනි පවුලක් තුල හිරවීමට පිරිමි කැමත්තක් අවුරුදු 25කට පමන පසු (හති වැටීමෙන් පසු) ඇතිවේ. මෙය ස්වභාවිකද?
මෙහි ගැහණු තත්වය වෙනමම කතා කල යුතුය….
Comments
Leave a comment Trackback