මිනිසුන් සමග ගණුෙදනු කිරීමකදී සමාජ ක්‍රියාකාරිකයෙතුගේ භුමිකාව ගැන අප අවධානය යොමු කල යුතු වේ. පැරණි ලංකාවේ සමාජ ක්‍රියාකාරින් බිහිවීමේ ආගමික හා ආර්ථික මුලයන් ඇත. බොහෝ විට සමාජ ක්‍රියාකාරීන් බිහි වන්නේ මිනිසුන් කෙරෙහි ඇතිවන ආදරය සිය විෂයය තුලින් ප්‍රායෝගික කිරීම හරහාය. මේ අයගේ පොදු ස්වභාවය වන්නේ මිනිසුන් කෙරෙහි වන ආදරය හා මිනිසුන්ගෙන් ආදරය ලැබිමේ තත්වයකි. ක්‍රියාකාරිත්වය සදහා පෙරලා ලැබෙන්නේ ආදරය (ගෞරවය) කි. එම නිසා මේ තුල සංස්කෘතික හා සමාජ වැඩ පදනමක් ද බල පදනමක් ද ගොඩනැගේ. නමුත් සමාජ ක්‍රියාකාරිත්වයකින් යමක් ලැබිය යුතු යැයි යන අදහස පටු එකකි.
ලංකාවේ සමාජ වැඩ රටාවන් සියල්ල තුල බිය මුසු ගෞරවය සහ ආදරය ඇත. එය ලංකාවේ වැඩවසම් හා යටත්විජිතවාදී තත්වයන් මගින් පැන නැගි ආකල්පයකි. සමාජ ක්‍රියාකාරීන් හුදෙක් සමාජයට හා මිනිසුන්ට ආදරය කරන අය විය යුතු බවට වන අදහසක් සමාජය තුල ඇත. එය බොහෝ විට ආගමිකව පැන නගින අදහසකි. මේ තත්වය වාමාංශික දේශපාලන භාවිතය හරහා ද වර්ධනය විය. මෙය සාධාරණ කරුණකි. එසේම එක්තරා ආකාරයකට වන නියත දෙයකි. එම නිසා මේ පිලිබඳව සමාජ වැඩකරුවන් සිය අතිශය වැදගත් අවධානය යොමු කිරීම කල යුතු වේ.
මෙය ඇතිවීම සදහා වන ඉතිහාසීය මෙන්ම මානුෂීය කාරණා ද දක්නට ඇත. සමාජ වැඩ බහුතරයක් බලපෑම්සහගත වන්නේ මිනිසුන් කෙරෙහිය. පොදුවේ මිනිසුන් කෙරෙහි වන වැඩ වල මිනිසුන්ට ලැබෙන්නේ සාධනීය දෙයක් නම් (බෙහෝ විට උත්සාහය එසේය) ඉන් අදහස් වන්නේ එම දෙය මිනිසුන්ගේ ජීවිතයේ යහ පැත්ත වෙනුවෙන් ලැබෙන්නක් බවය. මිනිසුන්ගේ ජීවිතයේ යහ පැත්තේ මූලික වශයෙන්ම ඇති කාරනයක් වන්නේ පිලිගැනීම එකගතාවය හා ආදරයයි. අවසාන වශයෙන් සමාජ වැඩ වල ප්‍රතිඵලය වන්නේ ජීවිත සම්බන්ධයෙන් වන දියුණුව හා ආදරය නම් කරන කාර්යයන් තුල ද එය අඩු වැඩි වශයෙන් පැවතිය යුතු වේ යන තර්කයට එලඹීම අවශ්‍ය වේ.
එසේම එය කරන්නා තුල ද තිබිය යුතු වේ. මෙහි අනිවාර්යතාවය සමාජය හා සාපේක්ෂව සලකා බැලීමට හැකිය. එනම් සමාජ ක්‍රියාකාරිකයෙකු සමාජය වෙනුවෙන් හා මිනිසුන් වෙනුවෙන් මානුෂීයව හා ආදරනීය ව සලකා බැලිය යුතු බවයි. මානුෂීයව හා ආදරනීයව සලකනවා යන්න ක්‍රියාකාරිකයෙකුගේ අත්‍යන්තයෙන්ම පැමිනිය යුත්තකි. ඒ පැමිනීම සමාජය පුද්ගලයා මත, වැඩ කරන අනෙකා මත, සංවිධානය මත, එක් එක් ආකාරයන්ගෙන් විදාරනය විය යුතුය. එහි ස්වරූපයන් අනෙකා මත ක්‍රියාකරන ආකාරය අනුව එම ක්‍රියාකාරිකයාගේ හා සංවිධානයේ (ඇත්නම්) සමාජීයව ස්ථාපිතවීම කෙරෙහි ප්‍රබලව බලපායි. මෙම විදාරනය වීමේ ස්වරූපයන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් වැඩ කරන පුද්ගලයින්ට, සංවිධානයන්ට, සමාජයට, සාපේක්ෂව ඕනෑම කෙනෙක් විසින් අනුගමනය කිරීමට නිසගයෙන් බල කෙරෙන (එසේ නොවන විට සාමාජිකයා සහ සංවිධානය සමාජයෙන් කොන් වේ) අවම සාධක කිහිපයක් හදුනා ගත හැකිවේ.
මෙම හදුනා ගැනීම් සියල්ල ඉතා සරල කාරණා ලෙස පෙනුනද එම සරලත්වය තුල ඇත්තේ භයානක ගැඹුරකි. එය වැටහෙන විට හෝ නොවැටහී විනාශ වන විට කිසිවක් කල නොහැකි තත්වයන්ට පත්වේ. ඒ අතර මූලික වශයෙන්ම ඉදිරියට පැමිනෙණ කාරනය වන්නේ අනෙකා සමග කරන සන්නිවේදනයේ රටාවන්ය.
ආනෙකා කවුද යන්න හදුනා ගෙන ඔහු/ඇය සමග ගනුදෙනු කරන ආකාරය ඉතා වැදගත් සාධකයකි. සමස්ථ සමාජ පද්ධතිය ගැනම හොඳින්ම හා විද්‍යාත්මකව දන්නා නමුත් මිනිසෙක් සමග සුහදව කතාබහ කල නොහැකි ක්‍රියාකාරිකයෙක් ගැන සිතන්න. ඔහුට ගංගාවක් වන් වැඩ මුව හැසිරවීමට නොදන්නා කමින් නැවති ඇති සැටි. අප වැඩ කරන, කතා කරන, ගණුදෙනු කරන අනෙකා ට අපෙන් වැඩක් නැත. වැඩෙන් වැඩක් ද නැත. සමාජයෙන් ද වැඩක් නැත. මූලිකවම ඔහු සලකා බලන්නේ සාමාන්‍යයෙන් ගණුදෙනු කල හැකි කෙනෙකි. කතාබහ කල හැකි කෙනෙකි. යමක් කියා සිටිය හැකි , එය අසා සිටින කෙනෙකි. එය සරල ඇත්තකි. මෙය නොදන්නා පරන වාමාංශිකයින්ගේ ගොඩට වැටෙන්න නම් නව වැඩ කිරීමක් අවශ්‍ය වන්නේ නැත.
අප කතා කරන්නේ වැඩ මූලිකව වුවත් අප වැඩ කරන්නේ මිනිසුන් සමග බැවින්, මැෂින් සමග නොවන බැවින් අප කතා කරන ස්වරය, ඔවුන් ගැන අපේ ඇති ඇත්තම ආකල්පය, අප ගැන ඔවුන්ගේ ඇති ආකල්පය, වැඩ කර ඇති නොමැති බව ආදී දහසක් දේ එක් වචනයක් පිටවිමට පෙර කතා කරන ස්වරය තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු වේ. එසේ නොවී අප විසින් ස්වේච්ඡා, පොදු වැඩ සදහා කැඳවන මිනිසුන් සමාජ වැඩ වල නොසිටිමේ බරපතල වගකීමට අප යටත් විය යුතුවේ. අප කතා කරන පුද්ගලයෙක් සමාජ වැඩ වලින් අයින් වීමේ හේතුව අපගේ හැසිරීම නම් ඉතාම බරපතල වරදක් අප විසින් සිදු කර තිබේ. එම නිසා මිනිසුන් සමග ගණුදෙනු කිරීමට පෙර ඒ සදහා වන සමාජ වගකීම ගැන දැඩි අවධානයෙක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
පුද්ගලික කාරනයකදී අපෙන් ඉවත් වන අය ගැන වන වගකීම එක්තරා සීමාවකදී අවසන් වේ. නමුත් සමාජ වැඩ එසේ නොවේ. සමාජ වැඩ බහුතර පිරිසකට බලපාන වැඩය. යමෙක් අත්‍යන්තයෙන්ම සමාජ වැඩක් කරන්නේ නම් එහි මුදාහල ශක්තිය සමාජයේ ඉතිරි වේ. එය වෙනත් වැඩක ආරම්භයන් හා උත්තේජකයන් විය හැකිය. ලංකාවේ සමාජයට අවැසි කුඩා හෝ ඓන්ද්‍රිය හා සමාජ වැඩ නිසා සහ එම සමාජ වැඩ වලට සිටින පිරිස් අඩු නිසා අප මූලික වශයෙන්ම එම මානව සම්පත ආරක්ෂා කිරීමේ වගකිමකට බැඳී සිටින්නෙමු.
සමාජ වැඩ සදහා ස්වෙච්ඡා ඉදිරිපත්වීම රට තුල ඇත්තේ අවම වශයෙනි. මේ සදහා වන ගොනු කරගැනීම් වලදී වැඩිපුරම භාවිතා වී ඇත්තේ ඇදුනුම්කම් සහ පොදු ආයාචනාත්මක තත්වයකි. රටටම මේ පිළිබඳව හුරුව ඇත. මෙයට විකල්පව සමාජ වැඩ සමබ්න්ධයෙන් වන සංකල්ප ගෙන ආ යුතුය. නමුත් දැනට අපට ද වැඩ කරන්න වෙන්නේ පැරණියන් ගොඩනැගූ මේ අභූත තත්වය යටතේය. එම නිසා සමාජ ක්‍රියාකාරිකයෙක් වශයෙන් ඔබ අනෙකාගේ දේවල් දරාගැනීමට, ආයාචනාත්මකවීමට හා අනෙකා නොරිද්දීමට ඉගෙන ගත යුතු වේ. මෙය ලාංකීය තත්වයන් යටතේ අනිවාර්යයකි. සමාජ වැඩකරුවෙක් සමාජ බලපෑම මතම මෙම තත්වයට අනුගතවීම අනිවාර්යය වේ.
අප වැඩ කරන්නේ සමාජය වෙනුවෙන් නිසා ඒ සදහා ඕනෑම අයෙක් පැමිනිය යුතුයි කියා දෙයක් නැත. එසේ අප සිතා සිටිනවා නම් අපට කරන්නට කිසිවක් නැත. ලංකාවේ සමාජ වැඩ හා සමාජ වැඩ සදහා වන එකඟතාවය ඉතා දිළිඳු මට්ටමක පවතී. සමාජ වැඩ හෝදාපාලුවට ලක්ව ඇත. ඒවා විවිධ ආයතන විසින් සින්නක්කර කරගෙන ඇත. පක්ෂ විසින් භෞතිස්ම කරගෙන ඇත. සමාගම් විසින් විකුණමින් ඇත. රාජ්‍ය නොවන සංවිදාන විසින් ව්‍යපෘති බවට පත්කර ඇත. ආගම් විසින් ආශ්චර්යයන් බවට පත්කර ඇත. එම නිසා සමාජ වැඩ වලට අදාල විභවයන් හා පුද්ගලයින් මේ වන විට කිසිවෙක් සමාජය තුළ නැත. එවැනි නැති තැනකට කිසිවෙක් එන්නේ නැත. ඒ නිසා කිසිවෙක් හෝ සමාජ වැඩ සදහා අනිවාර්යයෙන් පැමිණිය යුතුය යන ෆැසිස්ට් විදියට අප සිතන්නේ නම් අප දුටු විට මිනිසුන් පලා යනු ඇත.
නමුත් සෑම මිනිසෙක්ම සමාජ වැඩ සදහා පැමිනීම අනිවාර්ය යැයි විද්‍යාත්මක නියතියක් ඇත. මිනිසුන් සමාජය වෙනුවෙන් වැඩ කල යුතුමය. නැත්නම් සමාජය පවතින්නේ නැත. අප කියන දෙය හා සමාජයට අවැසි දෙය හා සමාජය ගැන සමාජ වැඩ නොකරන දේ අතර එකිනෙකට පරස්පරයන් ගණනාවක් ඇත. එම නිසා අප කියන වැෙඩ් කල යුතු යැයි දෙයක් නැත. නමුත් සමාජයට අවැසි දේ හා පුද්ගලයාගේ තත්වය හා අප කිය දේ අතර වන සාම්‍යයක් ගොඩනැගීමේ දේශපාලනය අප විසින් අනුගමනය කල යුතු වේ. මෙය ඇන්දීමේ හා පාවිච්චි කිරීමේ පාදඩ බවෙන් තොර ඓන්ද්‍රිය එකක් බවට පත් විය යුතු වේ.
මේ සදහා වන දැනුමක් අප සතුව තිබිය යුතු වේ. එම අර්ථයෙන් ඕනෑම කෙනෙක් සමාජ වැඩ සදහා අනිවාර්යයෙන්ම පැමිනිය යුතුය යන තර්කයට අපට එකග විය හැකිය. ඒ හැම කෙනෙක්ම එකග වන වේදිකාවකය. එම නිසා ඊට මෙහා තැන්වල කිසිවෙකුට හෝ බල කිරිමට අපට නොහැකිය. ඔවුන් ඔවුන්ගේ ආස්ථානයන්හි සිටින්නේ එය නිවරැදි යැයි විශ්වාස කරගනිමිනි. විශ්වාසයක් වෙනත් විශ්වාසයකට මාරු වන්නේ නව විශ්වාසය ඔහුට/ඇයට ගෝචර වන තරමට නිසා ඒ සදහා වන ඉඩ පුද්ගලිකව සමාජීයව හා සංවිධානමය වශයෙන් සිදු කල යුතු වේ.
Comments
Leave a comment Trackback