පර්යේෂණ හා අධ්‍යයන ප්‍රවේශයක් සදහා වන අදහසකි.
වියළි කලාපීය ඒ ඒ ප්‍රදේශ වල වෙනස්කම් හා සමානකම්
ලංකාවේ වියළි හා අර්ධ ශුෂ්ක වශයෙන් හදුනා ගන්නා ප්‍රදේශ වලට සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයින් ඇතුලත් කලාපයන් කිහිපයක් අයත් වේ. උතුර, නැගෙනහිර, උතුරු මැද , ඌව, වයඹ, පලාත් මෙයට අයත් වේ. මෙම කලාපයන්හි සාමාන්‍ය ලක්ෂණයන් වන්නේ අතීත ජන මූලයන් අවම වීම හා ජනපදකරනය වැඩි වීමයි. මේ නිසාම මෙහි සංස්කෘතින් බිහිවීමේ අර්්බුද හා වෙනස්කම් ඇත. මෙම වෙනස්කම් මෙම අර්බුදයන් එහි ආාර්ථික, සමාජ දේශපාලනික අර්බුදයන්ටද හේතුව තිබේ. උදාහරණයක් වශයෙන් සිංහල කලාප වල ඇති අඩු වයස් විවාහයන් , වෙනත් සම්බන්ධතා සාමාන්‍යකරනය වී ඇත. මේ පිලිබදව දිගහැරුමක් වශයෙන් අධ්‍යයනයක් අවශ්‍ය වේ. මෙම අධ්‍යයනය ක්ෂුද්‍ර මෙන්ම සාර්ව අංශයන්ගෙන් ද ගත හැකිය. උදාහරණ වශයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජන සංස්කෘතිය හා අනුරාධපුර දිසත්‍රික්කයේ ජන සංස්කෘතිය අතර වෙනස්කම් බැීම, වශයෙන් ද පොලොන්නරුවේ රොටවැව ගමේ සංස්කෘතිය හා ජයන්තිපුර වෙනස්කම් බැලීම දක්විය හැකිය. විචිත්‍රවත් චිත්‍රයක් දිගහැරැමක් වැනි මේ අධ්‍යයනය සදහා ප්‍රවේශ වන්න…
මෙවැනි අධ්‍යයනයක් අවශ්‍ය වනන්ට මූලික හේතු වශයෙන් මෙහි දියුණු තත්වයන් ගොඩ නොනැගී තිබීම දැක්වීමට පුලුවන. ලංකාවේම මෙම තත්වය මේස් වුවුද මෙහි එය තව දුරටත් දැකිය හැකිය. අනෙක් කාරනය වන්නේ සියවස් කිහිපයකට පෙර මෙ කලාපයේ නිෂ්පාදිතයන් හා අතිරික්තයන් තුලින් ශිෂ්ඨාචාරයක් බිහිව තිබීම හා එහි විභවයන් දැනට ඇතිදැයි සොයා බැලීමට හැකිවීමයි. වියලි කලාපය යනු පර්යේෂණාගාරයකි…
Comments
Leave a comment Trackback