අපට හිමිව ඇති පැය විසි හතර තුල කල යුතු දේ ගොඩක් වීම නම් හොදයි. නමුත් ඒ කාලය තුල අප කරන දේවල් වලින් පසුව ඒ ගොඩ ඉවර නොවීම නිසා කනස්සලක් ඇති වෙනවා නම්… ලංකාවේ සමාජය තුල බලන කොට සමාජ වැඩ කියන ඒව ලක්ෂ ගණනක් තියෙනවා. නමුත් එහි උවමනාවෙන්ම සමාජ වැඩ කරන පිරිසේ තචබල අඩුවක් තියෙනවා. ඒ නිසාම සමාජ ය්‍වැඩ සදහා එන්ටර් වන විට මේ කියන වැඩ කන්ද ඇගට කඩා පාත් වෙනවා. මේ වගේ දෙයක් මානේජ් කරගන්නේ කොහොමද?
පැරනි ක්‍රම සහ අලුත් ක්‍රම ගනනක් තිොයනවා. රාජය නොවන සංවිදාන හා එවැනි ව්‍යපෘතිමය දේවල් විසින් කරන්නේ විදන් මිෂන් වගේ දේවල් දාල ටිකක් වෙන් කරගෙන සද්ද නැතිව වැඩ කරන එකයි. නමුත් එය අති බහුතරයක්ව සමාජ වැඩක් බවට පත් නොවී සංවිදානමය, ආයතනමය වැඩක් බවට පත් වෙනවා.. මේ දක්වා වුනෙක් ඒ විදියටස තමයි.
රාජ්‍යනොවන සංවධානකරනය වි ඇති අතීත ස්වෙච්ඡා සේවකයින් ගැන හිතා බලන්න. ඒ අය එයාලගෙම ක්සේත්‍රයන් හයොගෙනයි වැඩ කලේ. බාහිර පතිචාර හෝ ප්‍රතිලාබ නොලබමින්.. කාලෙකට පස්සේ ජ.වි.පෙ. වගේ ආයතනත් මේ අයව ඇල්ලුවා.. අල්ලලා “වැඩ හිරගෙයක ” දැම්මා. සමාජීය දේ වෙනුවට එතනදි වුනෙත් මේ කාරනය හරියටම ඉස්මතු නොවීම.
තනි පුද්ගලයෙක් සමාජ වැඩ කිරිම ගැන හිතන විට තියෙන මූලිකම කාරනයක් වෙන්නේ ඒ තුල ඔහුගේ පැවැත්මේ අවම සීමාවන් ආරකෂා කරගැනීමයි. එයා ඉතා සවිඥානිකව සිදු විය යුත්තක්. එක් එක් අයගේ දරාගැනීම් සීමාවන් විවිද නිසා මේකට මොඩියුල් හදන්න බැහ. අනෙක් කාරනය මොඩියුල් විදියට සමාජ වවැඩ කරන්නත් බැහ.
ඒ නිසා මූලිකම කාරනය වෙන්නේ තමන්ව අදුනා ගනිමින් වැඩ වලට බැසිමයි. පැවැත්මේ සීමාවන් යනුවෙන් ඉහත ලකුණු කලේ කම්මැලිකමේ හා වැඩ කල්දැමීමේ සිමාවන් නොවේ. මූලික අදියරේදී වැඩ කරමින් තමන්ගේ ඇග සහ ආත්මය හදුනා ගන්න ඕන.. එක් එක් අය විහේෂ හා කැමැත්ත දක්වන ක්සේත්‍ර ගණනක් තියෙනවා.. එතකොට හැකි වෙනවා තමන්ගේ ජීවිත තුල සමාජ වැඩ පිහිටුවා ගන්න. මේකට කාලයක් ගත් වෙනවා. ඓහම නැත්නම් ඉක්මනින් කරන්නත් පුලුවන් වෙනවා.
මිනිසුන් කියන්නේ ස්තාවර වගේම ජංගම චලිතයන් තියෙන අය ඔවුන්ගේ ස්තාවර චලිතයන්ගෙන් අදහස් කරන්නේ දිහානතිය. එය වෙනස් වීමට ඔළුවට කුළගොඩියකින් ගහන්න ඕන.. අවශ්‍ය නම් ඓහෙමත් කරන්න.. ජංගම චලිතයන් කියන්නේ දිශානතිය තුල ජිවත්වීමේදි හා දැනුම ලබා ගැනිමේදී සිදු වන වෙනස්කම්.. මෙය ස්තාවර චලිතයට බොහෝ විට සාපේක්ෂයි.
සමාජ වැඩ කිරිමකදි වන මහා දරාගැනීම් හා ධාරිතාවයන් සදහා සූදානම් වෙන එකට කල් ගත්තාට කමක් නැහ. මූලිකවම තමන් කෙරෙහි වන විශ්වාසය පමණක් අවශ්‍යයි. ඒ විශ්වාසය තුල වන තනි පුද්ගල වැඩ කිරීම් අවහ්‍යයි. තනි පුද්ගල වැඩ කිරීම් විශ්වාසයෙන් කෙළවර වන තැනක දී ඔහුට/අයට පුලුවනි. පොදු වැඩ සදහා සහබාගී වීමට.මේක උපාධියක් වගේ වැඩක් කියලයි දැනෙන්නේ..
වැඩ ගැන බියවෙන්න එපා.. ඔබ ගැන බිය වෙන්නත් එපා.. කලින්ම අත පුච්ච ගන්නත් එපා.. මොකක්ද මේ වෙන්නේ සහ ඒ තුල ඔබ මොකක්ද කරන්න යන්නේ සහ ඔයා මොකක්ද කරන්න ඕන කියන එක හිතන්න…
Comments
Leave a comment Trackback