Browsing Posts in Uncategorized

පසු කර යන වගුරු බිම්වල ජලය නිල් පැ‍හයෙන් බබළයි. පිනි වැටුණු තණ බිම්, මලින් පිරුණු ගස් පසු වෙවී යයි.. ශ්වේතවර්ණ කොක් රෑනක් දුම්රියට උඩින් පියාඹයි. වේගවත් ගමනේ තෙද නංවමින් වුව හැම දුම්රිය ස්ථානයකම නවත්වමින් අඩු සෙනගක් ඇති දුම්රිය සුන්දරව ගමන් කරයි. මේ ඉරිදා උදෑසනකි. දුම්රියේ මිනිසුන් ද සුන්දරය. දිග දුම්රිය මැදිරියෙන් වැඩි කොටසක් කෙල්ලන්ගෙන් පිරී ඇත. තදබදයක් නැත. සිනහව ගලා යයි.. විසිරි විසිරී කැලතෙන කෙලි හඬින් දුම්රියේ හඬ පැරදුණි. ආඩම්බරකාර ගැස්සිල්ලක් ඇතිව දුම්රිය නැවතිණි. කෙල්ලන්ටම සරිලන ජේත්තුකාර කොල්ලෙක් මැදිරියට ගොඩවිය. වෙහෙසකින් තොරවම කෙල්ලන් ආකර්ෂණය කර ගන්නා මුහුණක් හා බැල්මක් ඔහුට තිබිණි. විසිරි විසිරී කැලතෙන කෙල්ලන්ගේ හඬ ද කොල්ලාට පැරදුණි. දුම්රිය කෙල්ලන් හා නැළවුණි. කිති කැවෙන හඬක් නංවමින් දුම්රිය ඉදිරියට ඇදේ. කිසිවක් කතා නොවුණද මැදිරිය පුරා සැණකෙළි සිරි ඉසිලුනි. මැදිරියම ඔහුට නතු විය. මැදිරියේ සිටියවුන්ගෙන් අඩක්ම බැස යා යුතු නගරයෙහි දුම්රිය ස්ථානය ලං වුණි. තරුණයා ද කෙල්ලන් ද සිනහවෙන් ම බසින්නට විය. සිනහව බැස යන ලදි. බැසගත නොහැකිව තරුණයා ඇද වැටුණි. ඔහු දිගින් දිගටම වැටුණි. පඩි දහස් ගණනක් පහළට වැටුණි. වටපිටාව ඔහු ඔසවා තැබුව ද වැටුණි. ඔහු කෙල්ලන් ඉදිරියේ වැටුණි. ඔහු කැඩුණි. අනුකම්පාව දුම්රිය ස්ථානය පුරා පැතිර ගියේ කොළ කොඩි වනමිනි. ඇස් වලින් ඔහු ජීවිතයේ ඇතුළතම අඳුර සොයමින් සිටිනු පෙනිණි. ජවනිකාව අවසන් විය. ඔහු තරුණයෙක් නොව ආබාධිත රණ විරුවෙකි. දිග දුම්රිය සෙමින් ඇදුණි. බිම බලාගෙන ඇදුණි.

පර්යේෂණ හා අධ්‍යයන ප්‍රවේශයක් සදහා වන අදහසකි.

වියළි කලාපීය ඒ ඒ ප්‍රදේශ වල වෙනස්කම් හා සමානකම්

ලංකාවේ වියළි හා අර්ධ ශුෂ්ක වශයෙන් හදුනා ගන්නා ප්‍රදේශ වලට සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයින් ඇතුලත් කලාපයන් කිහිපයක් අයත් වේ. උතුර, නැගෙනහිර, උතුරු මැද , ඌව, වයඹ, පලාත් මෙයට අයත් වේ. මෙම කලාපයන්හි සාමාන්‍ය ලක්ෂණයන් වන්නේ අතීත ජන මූලයන් අවම වීම හා ජනපදකරනය වැඩි වීමයි.  මේ නිසාම මෙහි සංස්කෘතින් බිහිවීමේ අර්්බුද හා වෙනස්කම් ඇත. මෙම වෙනස්කම්  මෙම අර්බුදයන් එහි ආාර්ථික, සමාජ දේශපාලනික අර්බුදයන්ටද හේතුව තිබේ. උදාහරණයක් වශයෙන් සිංහල කලාප වල ඇති අඩු වයස් විවාහයන් , වෙනත් සම්බන්ධතා සාමාන්‍යකරනය වී ඇත. මේ පිලිබදව දිගහැරුමක් වශ‍යෙන් අධ්‍යයනයක් අවශ්‍ය ‍වේ. මෙම අධ්‍යයනය ක්ෂුද්‍ර මෙන්ම සාර්ව අංශයන්ගෙන් ද ගත හැකිය. උදාහරණ වශයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජන සංස්කෘතිය හා අනුරාධපුර දිසත්‍රික්කයේ ජන සංස්කෘතිය අතර වෙනස්කම් බැීම, වශයෙන් ද පොලොන්නරුවේ රොටවැව ගමේ සංස්කෘතිය හා ජයන්තිපුර වෙනස්කම් බැලීම දක්විය හැකිය. විචිත්‍රවත් චිත්‍රයක් දිගහැරැමක් වැනි මේ අධ්‍යයනය සදහා ප්‍රවේශ වන්න…

මෙවැනි අධ්‍යයනයක් අවශ්‍ය වනන්ට මූලික හේතු වශයෙන් මෙහි දියුණු තත්වයන් ගොඩ නොනැගී තිබීම දැක්වීමට පුලුවන. ලංකාවේම මෙම තත්වය මේස් වුවුද මෙහි එය තව දුරටත් දැකිය හැකිය. අනෙක් කාරනය වන්නේ සියවස් කිහිපයකට පෙර මෙ කලාපයේ නිෂ්පාදිතයන් හා අතිරික්තයන් තුලින් ශිෂ්ඨාචාරයක් බිහිව තිබීම හා එහි විභවයන් දැනට ඇතිදැයි සොයා බැලීමට හැකිවීමයි. වියලි කලාපය යනු පර්යේෂණාගාරයකි…

දෙකක් ලෙස පැමිනෙණ තීරන ගත යුතුවේලාවන්

ප්‍රධානතම තීරණයන් හා වැදගත්ම තීරණයක් බොහොමයක් පැමිනනෙන්නේ දෙකක් ලෙසය. දෙකක් යනුවෙන් අදහස් වන්නේ ඒ අවස්තාවේදීම ඒ හා සමාන ප්‍රබල හෝ දැනෙන දෙයක් ඉදිරිපත් වීමයි. මෙය බොහෝ විට අත්දකින්නට ලැබෙන දෙයකි. අප මෙතක් කල් පවත්වාගෙන ගිය දේවල් දෙස නැවත සලකා බලන්න.

ඒ බොහෝ අව්සථා වලදී දෙකක් පැමිණ සිට ගනී. මේ දෙකම තේරිය නොහැකි වාතාරවරනයන් සදහා අප කුඩාකල සිටම හුරු කර ඇති නිසා අප බොහෝ විට එකක් තොරා ගනි. ඒ තෝරා ගන්නා එක බො‍ෝ විට අප තෝරාගන්නේ මානුෂිකව මිස තාර්කකව නොවේ. එම තෝරාගැනීම තුල අප අපගේ සැනසීම හෝ පුරුද්ද ඉස්මතු කර ඒකාකාරීව ගලයි. මෙය ආරක්ෂාවේ සැගැවීමේ හා පැවැත්මේ එක් අවස්ථාවකි.

මෙය සාමාන්‍ය අති බහුතරයක් තෝරාගන්නා ක්‍රමයයි. නමුත් බහුතරයක් පිලිනොගන්නා සහ ඉදිරි‍ෙය්දී හැප්පෙන සුළු අ‍ෙනක් කාරණය තුල වෙනස්කම් , නව තත්වයන් හා ලෝකය ඇත. මේ තෝරාගැනීම ලොව වෙනස් කරන්නට , තමන් වෙනස් වන්නට තැත් කරන අය විසින් කලයුතු වේ.

වෙනස්ම ආකාරයේ දෙයක් තවත් සාමාන්‍ය දෙයක් හා එක්ව පැමිනෙණවා යනු ඒ දෙක අතර සටන් කරන්නට මොහොත පැමිනෙණවා යන්නට තවත් දෙයකි. නව දෙය තෝරාගතහොත් ඒ තුල සම්ප්‍රදායික සතුට හෝ සැනසීම වෙනුවට තව තවත් ෆයිට් කිරීම් ගණනාවක් ඇති වේ, ශක්තිවන්තයින්ට හා ගවේෂකයින්ට උරුම දෙවැන්න ගැනත් හිතන්න..

එය උරුම කරගැනීම හා දරාගැනීම සදහා වන ශරීරයක් සකස් කරගැනීම මූලිකවම කල යුතු වේ. නැත්නම් හති වැටී, එපා වී පරණම පරණ විදියට භාවනා කරන්නට යාවි. හැම කෙනෙක්ම බලාපොරොත්තු වන වෙනසට යා හැක්කේ මේ තෝරාගැනීම සදහා පෞරුෂයන් සකස් කරගෙන එය තෝරාගතහොත් පමණි. විශාල වෙනසක් යනු කුඩා වෙනස්කම් දස දඑස් ගණනක එකතුවකි. විශාල වෙනස සදහා වන කුඩා වෙනස්කම් දැන් සිටම කරන්න.

ඔබ ඉදිරියට දෙකක් පැමිනේවි… තීරණය කරන්න. තනිවම..

මිනිසුන් සමග ගණු‍ෙදනු කිරීමකදී සමාජ ක්‍රියාකාරිකයෙතුගේ භුමිකාව ගැන අප අවධානය යොමු කල යුතු වේ. පැරණි ලංකාවේ සමාජ ක්‍රියාකාරින් බිහිවීමේ ආගමික හා ආර්ථික මුලයන් ඇත. බොහෝ විට සමාජ ක්‍රියාකාරීන් බිහි වන්නේ මිනිසුන් කෙරෙහි ඇතිවන ආදරය සිය විෂයය තුලින් ප්‍රායෝගික කිරීම හරහාය. මේ අයගේ පොදු ස්වභාවය වන්නේ මිනිසුන් කෙරෙහි වන ආදරය හා මිනිසුන්ගෙන් ආදරය ලැබිමේ තත්වයකි. ක්‍රියාකාරිත්වය සදහා පෙරලා ලැබෙන්නේ ආදරය (ගෞරවය) කි.  එම නිසා මේ තුල සංස්කෘතික හා සමාජ වැඩ පදනමක් ද බල පදනමක් ද ගොඩනැගේ. නමුත් සමාජ ක්‍රියාකාරිත්වයකින් යමක් ලැබිය යුතු යැයි යන අදහස පටු එකකි.

ලංකාවේ සමාජ වැඩ රටාවන් සියල්ල තුල බිය මුසු ගෞරවය සහ ආදරය ඇත. එය ලංකාවේ වැඩවසම් හා යටත්විජිතවාදී තත්වයන් මගින් පැන නැගි ආකල්පයකි. සමාජ ක්‍රියාකාරීන් හුදෙක් සමාජයට හා මිනිසුන්ට ආදරය කරන අය විය යුතු බවට වන අදහසක් සමාජය තුල ඇත. එය බොහෝ විට ආගමිකව පැන නගින අදහසකි.  මේ තත්වය වාමාංශික දේශපාලන භාවිතය හරහා ද වර්ධනය විය. මෙය සාධාරණ කරුණකි. එසේම එක්තරා ආකාරයකට වන නියත දෙයකි. එම නිසා මේ පිලිබඳව සමාජ වැඩකරුවන් සිය අතිශය වැදගත් අවධානය යොමු කිරීම කල යුතු වේ.

මෙය ඇතිවීම සදහා වන ඉතිහාසීය මෙන්ම මානුෂීය කාරණා ද දක්නට ඇත. සමාජ වැඩ බහුතරයක් බලපෑම්සහගත වන්නේ මිනිසුන් කෙරෙහිය. පොදුවේ මිනිසුන් කෙරෙහි වන වැඩ වල මිනිසුන්ට ලැබෙන්නේ සාධනීය දෙයක් නම් (බෙහෝ විට උත්සාහය එසේය) ඉන් අදහස්  වන්නේ එම දෙය මිනිසුන්ගේ ජීවිතයේ යහ පැත්ත වෙනුවෙන් ලැබෙන්නක් බවය. මිනිසුන්ගේ ජීවිතයේ යහ පැත්තේ මූලික වශයෙන්ම ඇති කාරනයක් වන්නේ පිලිගැනීම එකගතාවය හා ආදරයයි. අවසාන වශයෙන් සමාජ වැඩ වල ප්‍රතිඵලය වන්නේ ජීවිත සම්බන්ධයෙන් වන දියුණුව හා ආදරය නම් කරන කාර්යයන් තුල ද එය අඩු වැඩි වශයෙන් පැවතිය යුතු වේ යන තර්කයට එලඹීම අවශ්‍ය වේ.

එසේම එය කරන්නා තුල  ද තිබිය යුතු වේ.  මෙහි අනිවාර්යතාවය සමාජය හා සාපේක්ෂව සලකා බැලීමට හැකිය.  එනම් සමාජ ක්‍රියාකාරිකයෙකු සමාජය වෙනුවෙන් හා මිනිසුන් වෙනුවෙන් මානුෂීයව හා ආදරනීය ව සලකා බැලිය යුතු බවයි. මානුෂීයව හා ආදරනීයව සලකනවා යන්න ක්‍රියාකාරිකයෙකුගේ අත්‍යන්තයෙන්ම පැමිනිය යුත්තකි. ඒ පැමිනීම සමාජය පුද්ගලයා මත, වැඩ කරන අනෙකා මත, සංවිධානය මත, එක් එක් ආකාරයන්ගෙන් විදාරනය විය යුතුය. එහි ස්වරූපයන් අනෙකා මත ක්‍රියාකරන ආකාරය අනුව එම ක්‍රියාකාරිකයාගේ හා සංවිධානයේ (ඇත්නම්) සමාජීයව ස්ථාපිතවීම කෙරෙහි ප්‍රබලව බලපායි. මෙම විදාරනය වීමේ ස්වරූපයන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් වැඩ කරන පුද්ගලයින්ට, සංවිධානයන්ට, සමාජයට, සාපේක්ෂව ඕනෑම කෙනෙක් විසින් අනුගමනය කිරීමට නිසගයෙන් බල කෙරෙන (එසේ නොවන විට සාමාජිකයා සහ සංවිධානය සමාජයෙන් කොන් වේ) අවම සාධක කිහිපයක් හදුනා ගත හැකිවේ.

මෙම හදුනා ගැනීම් සියල්ල ඉතා සරල කාරණා ලෙස පෙනුනද එම සරලත්වය තුල ඇත්තේ භයානක ගැඹුරකි. එය වැටහෙන විට හෝ නොවැටහී විනාශ වන විට කිසිවක් කල නොහැකි තත්වයන්ට පත්වේ. ඒ අතර මූලික වශයෙන්ම ඉදිරියට පැමිනෙණ කාරනය වන්නේ අනෙකා සමග කරන සන්නිවේදනයේ  රටාවන්ය.

ආනෙකා කවුද යන්න හදුනා ගෙන ඔහු/ඇය සමග ගනුදෙනු කරන ආකාරය ඉතා වැදගත් සාධකයකි. සමස්ථ සමාජ පද්ධතිය ගැනම හොඳින්ම හා විද්‍යාත්මකව දන්නා නමුත් මිනිසෙක් සමග සුහදව කතාබහ කල නොහැකි ක්‍රියාකාරිකයෙක් ගැන සිතන්න. ඔහුට ගංගාවක් වන් වැඩ මුව හැසිරවීමට නොදන්නා කමින් නැවති ඇති සැටි. අප වැඩ කරන, කතා කරන, ගණුදෙනු කරන අනෙකා ට අපෙන් වැඩක් නැත. වැඩෙන් වැඩක් ද නැත. සමාජයෙන් ද වැඩක් නැත. මූලිකවම ඔහු සලකා බලන්නේ සාමාන්‍යයෙන් ගණුදෙනු කල හැකි කෙනෙකි. කතාබහ කල හැකි කෙනෙකි. යමක් කියා සිටිය හැකි , එය අසා සිටින කෙනෙකි. එය සරල ඇත්තකි. මෙය නොදන්නා පරන වාමාංශිකයින්ගේ ගොඩට වැටෙන්න නම් නව වැඩ කිරීමක් අවශ්‍ය වන්නේ නැත.

අප කතා කරන්නේ වැඩ මූලිකව වුවත් අප වැඩ කරන්නේ මිනිසුන් සමග බැවින්, මැෂින් සමග නොවන බැවින් අප කතා කරන ස්වරය, ඔවුන් ගැන අපේ ඇති ඇත්තම ආකල්පය, අප ගැන ඔවුන්ගේ ඇති ආකල්පය, වැඩ කර ඇති නොමැති බව ආදී දහසක් දේ එක් වචනයක් පිටවිමට පෙර කතා කරන ස්වරය තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු වේ. එසේ නොවී අප විසින් ස්වේච්ඡා, පොදු වැඩ සදහා කැඳවන මිනිසුන් සමාජ වැඩ වල නොසිටිමේ බරපතල වගකීමට අප යටත් විය යුතුවේ. අප කතා කරන පුද්ගලයෙක් සමාජ වැඩ වලින් අයින් වීමේ හේතුව අපගේ හැසිරීම නම් ඉතාම බරපතල වරදක් අප විසින් සිදු කර තිබේ. එම නිසා මිනිසුන් සමග ගණුදෙනු කිරීමට පෙර ඒ සදහා වන සමාජ වගකීම ගැන දැඩි අවධානයෙක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

පුද්ගලික කාරනයකදී අපෙන් ඉවත් වන අය ගැන වන වගකීම එක්තරා සීමාවකදී අවසන් වේ. නමුත් සමාජ වැඩ එසේ නොවේ. සමාජ වැඩ බහුතර පිරිසකට බලපාන වැඩය. යමෙක් අත්‍යන්තයෙන්ම සමාජ වැඩක් කරන්නේ නම් එහි මුදාහල ශක්තිය සමාජයේ ඉතිරි වේ. එය වෙනත් වැඩක ආරම්භයන් හා උත්තේජකයන් විය හැකිය. ලංකාවේ සමාජයට අවැසි කුඩා හෝ ඓන්ද්‍රිය හා සමාජ වැඩ නිසා සහ එම සමාජ වැඩ වලට සිටින පිරිස් අඩු නිසා අප මූලික වශයෙන්ම එම මානව සම්පත ආරක්ෂා කිරීමේ වගකිමකට බැඳී සිටින්නෙමු.

සමාජ වැඩ සදහා ස්වෙච්ඡා ඉදිරිපත්වීම රට තුල ඇත්තේ අවම වශයෙනි. මේ සදහා වන ගොනු කරගැනීම් වලදී වැඩිපුරම භාවිතා වී ඇත්තේ ඇදුනුම්කම් සහ පොදු ආයාචනාත්මක තත්වයකි. රටටම මේ පිළිබඳව හුරුව ඇත. මෙයට විකල්පව සමාජ වැඩ සමබ්න්ධයෙන් වන සංකල්ප ගෙන ආ යුතුය. නමුත් දැනට අපට ද වැඩ කරන්න වෙන්නේ පැරණියන් ගොඩනැගූ මේ අභූත තත්වය යටතේය. එම නිසා සමාජ ක්‍රියාකාරිකයෙක් වශයෙන් ඔබ අනෙකාගේ දේවල් දරාගැනීමට, ආයාචනාත්මකවීමට හා අනෙකා නොරිද්දීමට ඉගෙන ගත යුතු වේ. මෙය ලාංකීය තත්වයන් යටතේ අනිවාර්යයකි. සමාජ වැඩකරුවෙක් සමාජ බලපෑම මතම මෙම තත්වයට අනුගතවීම අනිවාර්යය වේ.

අප වැඩ කරන්නේ සමාජය වෙනුවෙන් නිසා ඒ සදහා ඕනෑම අයෙක් පැමිනිය යුතුයි කියා දෙයක් නැත.  එසේ අප සිතා සිටිනවා නම් අපට කරන්නට කිසිවක් නැත. ලංකාවේ සමාජ වැඩ හා සමාජ වැඩ සදහා වන එකඟතාවය ඉතා දිළිඳු මට්ටමක පවතී. සමාජ වැඩ හෝදාපාලුවට ලක්ව ඇත. ඒවා විවිධ ආයතන විසින් සින්නක්කර කරගෙන ඇත. පක්ෂ විසින් භෞතිස්ම කරගෙන ඇත. සමාගම් විසින් විකුණමින් ඇත. රාජ්‍ය නොවන සංවිදාන විසින් ව්‍යපෘති බවට පත්කර ඇත. ආගම් විසින් ආශ්චර්යයන් බවට පත්කර ඇත. එම නිසා සමාජ වැඩ වලට අදාල විභවයන් හා පුද්ගලයින් මේ වන විට කිසිවෙක් සමාජය තුළ නැත. එවැනි නැති තැනකට කිසිවෙක් එන්නේ නැත. ඒ නිසා කිසිවෙක් හෝ සමාජ වැඩ සදහා අනිවාර්යයෙන් පැමිණිය යුතුය යන ෆැසිස්ට් විදියට අප සිතන්නේ නම් අප දුටු විට මිනිසුන් පලා යනු ඇත.

නමුත් සෑම මිනිසෙක්ම සමාජ වැඩ සදහා පැමිනීම අනිවාර්ය යැයි විද්‍යාත්මක නියතියක් ඇත. මිනිසුන් සමාජය වෙනුවෙන් වැඩ කල යුතුමය. නැත්නම් සමාජය පවතින්නේ නැත. අප කියන දෙය හා සමාජයට අවැසි දෙය හා සමාජය ගැන සමාජ වැඩ නොකරන දේ අතර එකිනෙකට පරස්පරයන් ගණනාවක් ඇත. එම නිසා අප කියන වැ‍ෙඩ් කල යුතු යැයි දෙයක් නැත. නමුත් සමාජයට අවැසි දේ හා පුද්ගලයාගේ තත්වය හා අප කිය දේ අතර වන සාම්‍යයක් ගොඩනැගීමේ දේශපාලනය අප විසින් අනුගමනය කල යුතු වේ.  මෙය ඇන්දීමේ හා පාවිච්චි කිරීමේ පාදඩ බවෙන් තොර ඓන්ද්‍රිය එකක් බවට පත් විය යුතු වේ.

මේ සදහා වන දැනුමක් අප සතුව තිබිය යුතු වේ. එම අර්ථයෙන් ඕනෑම කෙනෙක් සමාජ වැඩ සදහා අනිවාර්යයෙන්ම පැමිනිය යුතුය යන තර්කයට අපට එකග විය හැකිය. ඒ හැම කෙනෙක්ම එකග වන වේදිකාවකය. එම නිසා ඊට මෙහා තැන්වල කිසිවෙකුට හෝ බල කිරිමට අපට නොහැක‍ිය. ඔවුන් ඔවුන්ගේ ආස්ථානයන්හි සිටින්නේ එය නිවරැදි යැයි විශ්වාස කරගනිමිනි.  විශ්වාසයක් වෙනත් විශ්වාසයකට මාරු වන්නේ නව විශ්වාසය ඔහුට/ඇයට ගෝචර වන තරමට නිසා ඒ සදහා වන ඉඩ පුද්ගලිකව සමාජීයව හා සංවිධානමය වශයෙන් සිදු කල යුතු වේ.

අපට හිමිව ඇති පැය විසි හතර තුල කල යුතු දේ ගොඩක් වීම නම් හොදයි. නමුත් ඒ කාලය තුල අප කරන දේවල් වලින් පසුව ඒ ගොඩ ඉවර නොවීම නිසා කනස්සලක් ඇති වෙනවා නම්… ලංකාවේ සමාජය තුල බලන කොට සමාජ වැඩ කියන ඒව ලක්ෂ ගණනක් තියෙනවා. නමුත් එහි උවමනාවෙන්ම සමාජ වැඩ කරන පිරිසේ තචබල අඩුවක් තියෙනවා. ඒ නිසාම සමාජ ය්‍වැඩ සදහා එන්ටර් වන විට මේ කියන වැඩ කන්ද ඇගට කඩා පාත් වෙනවා. මේ වගේ දෙයක් මානේජ් කරගන්නේ කොහොමද?

පැරනි ක්‍රම සහ අලුත් ක්‍රම ගනනක් ති‍ොයනවා. රාජය නොවන සංවිදාන හා එවැනි ව්‍යපෘතිමය දේවල් විසින් කරන්නේ විදන් මිෂන් වගේ දේවල් දාල ටිකක් වෙන් කරගෙන සද්ද නැතිව වැඩ කරන එකයි. නමුත් එය අති බහුතර‍යක්ව සමාජ වැඩක් බවට පත් නොවී සංවිදානමය, ආයතනමය වැඩක් බවට පත් වෙනවා.. මේ දක්වා වුනෙක් ඒ විදියටස තමයි.

රාජ්‍යනොවන සංවධානකරනය වි ඇති අතීත ස්වෙච්ඡා සේවකයින් ගැන හිතා බලන්න. ඒ අය එයාලගෙම ක්සේත්‍රයන් හයොගෙනයි වැඩ කලේ. බාහිර පතිචාර හෝ ප්‍රතිලාබ නොලබමින්.. කාලෙකට පස්සේ ජ.වි.පෙ. වගේ ආයතනත් මේ අයව ඇල්ලුවා.. අල්ලලා “වැඩ හිරගෙයක ” දැම්මා. සමාජීය දේ වෙනුවට එතනදි  වුනෙත් මේ කාරනය හරියටම ඉස්මතු නොවීම.

තනි පුද්ගලයෙක් සමාජ වැඩ කිරිම ගැන හිතන විට තියෙන මූලිකම කාරනයක් වෙන්නේ ඒ තුල ඔහුගේ පැවැත්මේ අවම සීමාවන් ආරකෂා කරගැනීමයි. එයා ඉතා සවිඥානිකව සිදු විය යුත්තක්. එක් එක් අ‍යගේ දරාගැනීම් සීමාවන් විවිද නිසා මේකට මොඩියුල් හදන්න බැහ. අනෙක් කාරනය මොඩියුල් විදියට සමාජ වවැඩ කරන්නත් බැහ.

ඒ නිසා මූලිකම කාරනය වෙන්නේ තමන්ව අදුනා ගනිමින් වැඩ වලට බැසිමයි.  පැවැත්මේ සීමාවන් යනුවෙන් ඉහත ලකුණු කලේ කම්මැලිකමේ හා වැඩ කල්දැමීමේ සිමාවන් නොවේ. මූලික අදියරේදී වැඩ කරමින් තමන්ගේ ඇග සහ ආත්මය හදුනා ගන්න ඕන.. එක් එක් අය විහේෂ හා කැමැත්ත දක්වන ක්සේත්‍ර ගණනක් තියෙනවා.. එතකොට හැකි වෙනවා තමන්ගේ ජීවිත තුල සමාජ වැඩ පිහිටුවා ගන්න. මේකට කාලයක් ගත් වෙනවා. ඓහම නැත්නම් ඉක්මනින් කරන්නත් පුලුවන් වෙනවා.

මිනිසුන් කියන්නේ ස්තාවර වගේම ජංගම චලිතයන් තියෙන අය ඔවුන්ගේ ස්තාවර චලිතයන්ගෙන් අදහස් කරන්නේ දිහානතිය. එය වෙනස් වීමට ඔළුවට කුළගොඩියකින් ගහන්න ඕන.. අවශ්‍ය නම් ඓහෙමත් කරන්න.. ජංගම චලිතයන් කියන්නේ දිශානතිය තුල ජිවත්වීමේදි හා දැනුම ලබා ගැනිමේදී  සිදු වන වෙනස්කම්.. මෙය ස්තාවර චලිතයට බොහෝ විට සාපේක්ෂයි.

සමාජ වැඩ කිරිමකදි වන මහා දරාගැනීම් හා ධාරිතාවයන් සදහා සූදානම් වෙන එකට කල් ගත්තාට කමක් නැහ. මූලිකවම තමන් කෙරෙහි වන විශ්වාසය පමණක් අවශ්‍යයි. ඒ විශ්වාසය තුල වන තනි පුද්ගල වැඩ කිරීම් අවහ්‍යයි. තනි පුද්ගල වැඩ කිරීම් විශ්වාසයෙන් කෙළවර වන තැනක දී ඔහුට/අයට පුලුවනි. පොදු වැඩ සදහා සහබාගී වීමට.මේක උපාධියක් වගේ වැඩක් කියලයි දැනෙන්නේ..

වැඩ ගැන බිය‍වෙන්න එපා.. ඔබ ගැන බිය වෙන්නත් එපා.. කලින්ම අත පුච්ච ගන්නත් එපා.. මොකක්ද මේ වෙන්නේ සහ ඒ තුල ඔබ මොකක්ද කරන්න යන්නේ සහ ඔයා මොකක්ද කරන්න ඕන කියන එක හිතන්න…